loader image

විද්‍යොදය පිරිවෙණ

Vidyodaya Oriental College in Sri Lanka

About Us

Sri Sumangala Nahimi Song

Play
Pause

The Vidyodaya Pirivena was one of the most prestigious monastic educational institutions in Sri Lanka, founded in 1873 by Ven. Hikkaduwe Sri Sumangala Thera. It was established to provide higher education for Buddhist monks, focusing on Buddhist philosophy, logic, and traditional oriental studies. The institution played a crucial role in the revival of Buddhism and the preservation of indigenous education during British colonial rule.


The Maligakanda suburb of Colombo was chosen as the location for the Pirivena, with land and financial support provided by Andiris Perera Dharmagunawardhana, a well-known philanthropist. Alongside Ven. Hikkaduwe Sri Sumangala Thera, Migettuwatte Gunananda Thera was also instrumental in its early development. Their efforts followed their victory in the Panadura Debate, which had renewed interest in Buddhism and Sinhala heritage. The primary objective of the Vidyodaya Pirivena was to train monks to become skilled orators and scholars who could counter the influence of colonial rule and the spread of Christianity. To achieve this, subjects like logic and astrology, which were held in high regard in traditional society, were made part of the curriculum.

Years of excellence
130

පරිවේණාධිපති නාහිමිපාණන් වහන්සේගේ පණිවිඩය

17 වන සියවසේ සිට ශ්‍රී ලංකාද්වීපය බටහිර ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට නතු වීම හේතුවෙන් ආගම ධර්මයේ නොව භාෂා සාහිත්‍ය හා සදාචාර අංශයේ ද උග්‍ර පරිහාණි තත්වයකට පත් වී තිබුණු බව නොරහසකි. මෙම අවසානාවන්ත තත්වයෙන් ජාතියත්, ආගමත්, භාෂා සාහිත්‍යයත් ඉහලට ඔසවා තැබිය හැකි ජාතික නායකයෝ කිහිපදෙනෙක් ම ලක්දිව පහල වූහ.

 

ඒ අතර අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉදිරියෙන් ම වැඩ සිටිති. සාර්ව භෞම පණ්ඩිත අතිපූජ්‍ය වලානේ ශ්‍රී සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතින් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය කළ අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 1873 වර්ෂයේ දී කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණ හා 1875 දී රත්මලාණේ ශ්‍රී ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙණ ආරම්භ කිරීම 19 සියසේ ලක්දිව ශාසන උද්දීප්තියට සිදු වූ සුවිශාල ම සේවය වේ.

ලංකා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා ත්‍රිපිටක බුද්ධ ධර්මය, පෙරදිග ශබ්ද ශාස්ත්‍ර මෙන්ම ධර්මානුගත ප්‍රායෝගික ඥානයෙන් හෙබි දේශීය ප්‍රබුද්ධ ගිහි පැවිදි විද්‍යාර්ථීන් බිහිකිරීම අරමුණ  කොට ගෙන බිහි වූ විද්‍යොදය පිරිවෙණ මගින් මේ වන විට ලක් සසුනට දායාද කොට ඇති සංඝ ශෝභන ගුණයෙන් හා භාෂා විශාරදත්වයෙන් පරිපූර්ණ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමාණය ඉතා විශාල ය. එමෙන්ම භාෂා සාහිත්‍යෙය් උද්දීප්තියට එක් වී ඇති ඇති ග්‍රන්ථාවලිය ප්‍රමාණාත්මකව ගිණිය නොහැකි තරම් ය. මේ වන විට විද්‍යොදය පිරිවෙණින් පමණක් ප්‍රභාවිත ශාඛා ප්‍රශාඛා පිරිවෙණස්ථාන ගණන සංඛ්‍යාත්මකව 500 කට අධිකවේ.

 

වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බිහි වී ඇත්තේ ද විද්‍යොදය පිරිවෙණෙනි.  විද්‍යොදය පිරිවෙණ අතීතයේ පටන් ම ලක්දිව  පමණක් නොව අන්‍ය ආසියාතික රටවල ද පතළ කීර්තිය ඇති සුප්‍රකට අධ්‍යාපන ආයතනයක් විය. ඉන්දියාවේ සිට පැමිණ භික්ෂු ධර්මානන්ද කෝසම්බි, සතිශ්චන්ද්‍ර විද්‍යාභාෂණ, ඛේචරදාස, හරගෝවින්ද හා ජපානයේ සිට පැමිණ කොජින් ගුණරත්න, කොජීමා කොණ්ඩඤ්ඤ වැනි කීර්තිමත් පඩිවරුන් විද්‍යොදය පිරිවෙනින් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය කිරීමෙන් බව පැහැදිලි වේ. හික්කඩුවේ නිහිමිපාණන්ගෙන් පසුව අතිගරු මහගොඩ ශ්‍රීඥානේශ්වර නාහිමි, කහවේ ශ්‍රී රතනසාර නාහිමි, බද්දේගම ශ්‍රී පියරතන නාහිමි, වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමි, කළුකොඳයාවේ ශ්‍රී පඤ්ඤාසේඛර මහනාහිමි, ගලගම ශ්‍රී සරණංකර නාහිමි, පනම්ගල ජිනරතන නාහිමි හා අකුරටියේ ශ්‍රී අමරවංශ නාහිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විද්‍යොදය පිරිවෙණට නායකත්වය ලබා දී ඇත.


විජ්ජා උප්පතතං සෙට්ඨා (නැඟගනුවන් අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨ ය) යන බුදුවදන ශීර්ෂ පාඨය කොට ගෙණ සමාරබද්ධ විද්‍යොදය පිරිවෙණේ අධයයන, අධ්‍යාපන පරමාර්ථය සාක්ෂාත් කර ගනු වස් ඒ පිළිබඳ මාර්ග දර්ශනය ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දවස පටන් කාලානුරූපීව හා අවස්ථානුකූලව යම් යම් වෙනස්කම්වලට භාජනය වී ඇත. ඒ අනුව සන්නිවේදන තාක්ෂණයේ විප්ලවයක් ඇති වී ඇති මේ කාලවකවානුවේ දී සුහුරු උපකරණ ධර්ම අධ්‍යාපනයේ හා සන්නිවේදනයේ ප්‍රගමනයට හිතකර අන්දමින් භාවිත කිරීම කෙරෙහි ද අපගේ උනන්දුව යොමු වී ඇත. විද්‍යොදය පිරිවෙණේ 150 වන සංවත්සරය වෙනුවෙන් එළිදක්වන විද්‍යොදය වෙබ් අඩවිය www.vidyodayapirivena.com එහි ප්‍රතිඵලයක් ලෙස මම දකිමි. මේ කටයුත්ත වෙනුවෙන් ප්‍රෝත්සාහී වූ අප පිරිවෙණේ ආචාර්ය රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය වල්පොළ පියරතන හිමියන්ටත්, මෙහි තාක්ෂණික කටයුතු සිදුකරනු ලැබූ ලක්රූ මීඩියා නෙට්වර්ක්ස් (පුද්ගලික) සමාගමට හා එහි අධ්‍යක්ෂ අනුෂ්ක විජේවීර මැතිතුමාටත් අපගේ ප්‍රශංසාව හිමි වේ.

 

සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම හා භාෂා ශාස්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් විද්‍යොදය පිරිවෙණ තවත් චිරාත් කාලයක් විරාජමාන වනු දැකීම ධර්මශාස්ත්‍රෝන්නතිකාමීන්ගේ බලාපොරොත්තුව හෙයින් ඒ සඳහා විද්‍යොදය පිරිවෙණට සම්බන්ධ සියලු ප්‍රජාව එක්සිත්ව ක්‍රියා කරනු ඇතැයි සාපේක්ෂක වෙමින් විද්‍යොදය පිරිවෙණ තවත් ශත වර්ෂ ගණනාවක් විරාජමාන වේවායි ප්‍රාර්ථනා කරමි. 

ගාලු බස්නාහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක,
සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ සභාපති,
අග්ගමහාපණ්ඩිත, ආචාර්ය,
ත්‍රිපිටකවාගීශවරාචාර්ය, උපධ්‍යයා,

අතිපූජ්‍ය බලන්ගොඩ සෝභිත නාහිමි.