VIDYADHARA SABHA
කාරක සභාව
ආචාර්‍ය්‍ය, පූජ්‍ය අකුරටියේ නන්ද නාහිමි
පූජ්‍ය දිමියාවේ අමරවංස නාහිමි
ශාස්ත්‍රපති, පූජ්‍ය පත්බේරියේ විමලඤාණ නාහිමි
ශාස්ත්‍රපති, පූජ්‍ය අරම ධම්මතිලක නාහිමි
මහාචාර්‍ය්‍ය, පූජ්‍ය මකුරුප්පේ ධම්මානන්ද හිමි
දර්‍ශනපති, පූජ්‍ය මීපිටියේ සීලරතන හිමි
පූජ්‍ය උඩුගම හේමසාර හිමි
මහාචාර්‍ය්‍ය, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
සේවාර්ජිත මහාචාර්‍ය්‍ය, විසල් ජී. බලගල්ලේ මහතා
විද්‍යොදය පිරිවෙණේ පාලක විද්‍යාධාර සභාව
ආර්. කේ. සමරසිංහ මහතා
ධර්මසිරි පීරිස් මහාතා
ආනන්ද ජයසූරිය මහතා (ගරු ලේකම්)
ප්‍රසන්න ජයසූරිය මහතා
ආරියදාස වීරමන් මහතා (ගරු භාණ්ඩාගාරික)
විජිත් මලල්ගොඩ මහතා
සෙනරත් ජයසුන්දර මහතා
ගාමිණී කග්ගොඩ ආරච්චි මහතා
රුවන් වෛද්‍යරත්න මහතා
චරිත් විජේවර්ධන මහතා
කමීල් වීරසේකර මහතා
රජිව් හේවාවාතාරණ මහතා
බී. උස්ගොඩ ආරච්චි මහතා (පාලක ලේකම්)
View More
විද්‍යොදය පිරිවෙණේ පිහිටුවා ඇති ත්‍යාග හා ශිෂ්‍යත්ව
- ස්‍යාමරාජ ත්‍යාගය
විද්‍යොදය පිරිවෙණේ දක්ෂතම ශිෂ්‍යයාට පිරිනැමීම සඳහා තායිලන්තයේ මහා චූලාලංකාර රජතුමා විසින් ක්‍රි.ව. 1885 දී රුපියල් 5000/- ක මුදලක් පරිත්‍යාග කිරීමෙන් මෙම ත්‍යාගය පිහිටුවන ලදී. අවසාන ද්විතීයාංශයේ භාෂාත්‍රයෙන් ප්‍රමුඛයා ලෙස ගෞරව පන්තියෙන් සමත් වන ශිෂ්‍යයාට මෙම ත්‍යාගය හිමි වේ. (මෙම මුදල් තැන්පත් කළ බැංකුව බංකොලොත් වීම නිසා වසා දමා ඇත.)
- ඩී. ජී. ඊ. හෙට්ටිආරච්චි ත්‍යාගය
විද්‍යොදය පිරිවෙණේ අවසාන පරීක්ෂණය සඳහා හොඳ ම ශාස්ත්‍රීය නිබන්ධය ඉදිරිපත් කරන ශිෂ්‍යයාට පිරිනැමීම සඳහා ඩී. ජී. ඊ. හෙට්ටිආරච්චි මහතා විසින් රුපියල් 500/- ක් වටිනා මෙම ත්‍යාගය 1987 දී පිහිටුවා ඇත.
- ශ්‍රී ධර්මරක්ෂිත ත්‍යාගය
පැල්මඩුල්ලේ පුරාණ විහාරාධිපති ව වැඩ විසූ අතිගරු හාල්දඬුවන ශ්‍රී ධර්මරක්ෂිත නාහිමිපාණන් වහන්සේ සිහිවීම සඳහා තච්ඡිෂ්‍ය ගෞරවාර්හ මුද්දූවේ පඤ්ඤාසේඛර නාහිමියන් විසින් රුපියල් 10,000/- ක් විද්‍යාධාර සභාව මගින් බැංකුවේ තැන්පත් කොට පිහිටුවන ලද මෙම ත්‍යාගය අවසාන ද්විතීයාංශයේ ධර්මවිනය විෂයයෙන් ගෞරව පන්තියෙන් වැඩිම ලකුණු ලබන ශිෂ්‍යයාට ප්‍රදානය කරනු ලැබේ.
- කලහේ ශ්‍රී චන්දරතන විනය ත්‍යාගය
අවසාන ද්විතීයාංශයේ ප්‍රමුඛයා ලෙස සමත් වන ශිෂ්‍යයාට පිරිනැමීම පිණිස දෙහිවල අභයසේල චේතියාරාමාධිපති, ආචාර්ය ගෞරවාර්හ කලහේ ශ්‍රී චන්දරතන නාහිමියන් විසින් රුපියල් 500/- ක් විද්‍යාධාර සභාව මගින් බැංකුවේ තැන්පත් කොට මෙම ත්‍යාගය පිහිටුවන ලදී. (වාර්ෂිකව රු. 750/- ක් පිරිනැමේ.)
- ශ්‍රී ජිනරතන බෝධිරතන ශිෂ්‍යත්වය
ගංගොඩවිල ශ්‍රී විජයාරාම මහා විහාරාධිපතිව වැඩ විසූ, උපාධ්‍යාය තලවතුගොඩ ශ්‍රී ජිනරතන නාහිමිපාණන් වහන්සේ සිහිවීම පිණිස තච්ඡිෂ්‍ය ගෞරවාර්හ බොරලැස්ගමුවේ බෝධිරතන නාහිමියන් විසින් රුපියල් 5000/- ක් විද්‍යාධාර සභාව මගින් බැංකුවෙහි තැන්පත් කොට 1982 දී පිහිටුවන ලද මෙම ත්‍යාගය අවසාන ප්‍රථමාංශයේ ධර්මවිනය විෂයයෙන් ගෞරව පන්තියේ සාමාර්ථ්‍යය ලබන ශිෂ්‍යයාට පිරිනැමේ. (වාර්ෂිකව රුපියල් 850/- ක් පිරිනැමේ)
- ශ්‍රී දේවරක්ෂිත ධර්මවිනය ත්‍යාගය
බෙන්තොට දෙල්දූව ගංගාරාමාධිපතිව වැඩ විසූ ගෞරවාර්හ හබුරුගල ශ්‍රී ඤාණානන්ද දේවරක්ෂිත නාහිමිපාණන් වහන්සේ සිහිවීම සඳහා තච්ඡිෂ්‍ය පිරිස විසින් රුපියල් 500/- ක් විද්‍යාධාර සභාව මගින් බැංකුවේ තැන්පත් කොට 1957 පිහිටුවන ලද මෙම ත්‍යාගය අවසාන ප්‍රථමාංශයේ ධර්මවිනය විෂයයෙන් ප්‍රමුඛයා වන ශිෂ්‍යයාට පිරිනැමේ.
- රූපසිංහ ශිෂ්‍යත්වය
අභාවප්‍රාප්ත ජී. ඇල්. රූපසිංහ මහතා විසින් ස්වකීය අන්තිම කැමති පත්‍රයෙන් මහාභාරකාරතුමා වෙත භාර කරන ලද රුපියල් 5000/- ක පොලියෙන් පිහිටුවන ලද මෙම ශිෂ්‍යත්වය මධ්‍ය පරීක්ෂණයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා ශිෂ්‍යයාට හිමි වේ.
- ඇවරියවත්තේ ශ්‍රී ජිනරතන මහනාහිමි ශිෂ්‍යත්වය
විද්‍යොදය පිරිවෙණේ අවසාන පරීක්ෂණයෙන් ප්‍රමුඛයාට පිරිනමන ශ්‍යාමරාජ ත්‍යාග තුනක් (1886, 1907, 1981 යන වර්ෂයන්හි දී) ඇවරියවත්තේ සුමිත්‍රාරාමයෙහි භික්ෂූන් වහන්සේලා තුන් නමකට හිමිවීම නිමිත්තෙන් ද, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විභාග සමත් වීමට උපකාරයක් වශයෙන් ද, විදේශ ධර්මප්‍රචාර කටයුතු උනන්දු කරවීම සඳහා ද, කටුනායක ඇවරියවත්තේ සුමිත්‍රාරාමාධිපති ගෞරවාර්හ යටියන රතනසාර නාහිමියන් විසින් මෙම ශිෂ්‍යත්ව අරමුදල වශයෙන් රුපියල් 5000/- ක් විද්‍යාධාර සභාවේ තැන්පත් කොට 1982 දී පිහිටුවා ඇත. එම අරමුදලට එකතුවීම සඳහා පසුව නැවත තවත් රුපියල් 5000/- ක් 2000. 02. 21 දින උන්වහන්සේ විසින් පරිත්‍යාග කොට රුපියල් 10,000/- ක් වූ මුදලෙහි වාර්ෂික පොලිය ඉහත කී සුදුසුකම් ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට පිරිනමනු ලැබේ.
- දෝන ඇස්ලින් ඇතුලත්මුදලි ශිෂ්‍යත්වය
පරලෝ සැපත් දෙමව්පියන්, ස්වාමිපුරුෂයා ඇතුළු ඤාතීන්ට පිං පිණිස දෝන ඇස්ලින් ඇතුලත්මුදලි මහත්මිය විසින් රුපියල් 5,000/- ක් මහාභාරකාර තුමා වෙත තැන්පත් කොට 1985 දී පිහිටුවන ලද මෙම ශිෂ්‍යත්වය ප්‍රාරම්භ පරීක්ෂණයේ ධර්මවිනය විෂයයෙන් ප්‍රමුඛයා ලෙස සමත් වන ශිෂ්‍යයාට පිරිනැමේ.
- අහුන්ගල්ලේ විමලනන්දිතිස්ස මහනාහිමි ත්‍යාගය
බලපිටිය, වැලිතර අම්බරුක්ඛාරාම මූලමහා විහාරාධිපති ආචාර්ය පණ්ඩිත ගෞරවාර්හ අහුන්ගල්ලේ විමලනන්දිතිස්ස මහනාහිමි විසින් රුපියල් 500/- ක් විද්‍යාධාර සභාව මගින් බැංකුවේ තැන්පත් කොට 1980 දී පිහිටුවන ලද මෙම ත්‍යාගය තෘතීය වර්ගයේ භාෂාත්‍රයෙන් ප්‍රමුඛයා වන ශිෂ්‍යයාට ප්‍රදානය කරනු ලැබේ.
- තලල්ලේ ශ්‍රී ධම්මානන්ද මහනාහිමි ශිෂ්‍යත්වය
කොළඹ කුප්පියාවත්තේ ජයසේඛරාරාමාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය තලල්ලේ ධම්මානන්ද මහනාහිමිපාණන්ට වසර 70 ක් සපිරීම නිමිත්තෙන්, එම විහාරස්ථ ශ්‍රී සුචරිතාකර දායක සභාව මගින් 1992 දී පිහිටුවන ලද මෙම ශිෂ්‍යත්ව අරමුදලින් විද්‍යොදය පරිවෙණාධිපතීන් වහන්සේ විසින් නිර්දේශ කරනු ලබන දක්ෂ භික්ෂු නමකට මාස්පතා රුපියල් 150/- බැගින් වසරකට රුපියල් 1,800/- ප්‍රදානය කරනු ලැබේ.
- හාල්යායේ ශ්‍රී සුමනතිස්ස අනුනාහිමි අනුස්මරණ ශිෂ්‍යත්වය
මහනුවර අස්ගිරි මහවිහාරයේ අනුනායක ධුරය හෙබවූ, අපවත් වී වදාළ අතිපූජ්‍ය හාල්යායේ ශ්‍රී සුමනතිස්සාභිධාන අනුනාහිමිපාණන් වහන්සේගේ 7 වන ගුණානුස්මරණය නිමිත්තෙන් උන්වහන්සේගේ ශිෂ්‍ය අස්ගිරි මහාවිහාර පරිවෙණාධිපති ශාස්ත්‍රපති ගෞරවාර්හ නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ විසින් 1995 පෙබරවාරි මස 17 වන දින පිහිටුවන ලද මෙම ශිෂ්‍යත්වය චතුර්ථ වර්ගයේ භාෂාත්‍රයෙන් ප්‍රමුඛයා ලෙස සමත් වන ශිෂ්‍යයාට ප්‍රදානය කරනු ලැබේ. (මෙම ශිෂ්‍යත්වය සඳහා වාර්ෂිකව රු. 3000/- ක් පිරිනැමේ)
- ෆ්ලෝරන්ස් සෙනෙවිරත්න ග්ලානෝපස්ථාන අරමුදල
දෙමටගොඩ ජී. ඩී. සෙනෙවිරත්න අප්පුහාමිගේ කනිටු දියණිය වූ ෆ්ලෝරන්ස් සෙනෙවිරත්න මැතිනිය විසින් 1964 වර්ෂයේ දී මහාභාරකාරතුමා වෙත තැන්පත් කරන ලද රු. 4000/- ක මුදලෙහි පොලිය විද්‍යොදය පාරිවේණික භික්ෂූන් වහන්සේලාගේ ග්ලානෝපස්ථානයට යොදා ඇත. (මේ සඳහා වාර්ෂිකව රු. 650/- ක් ප්‍රදානය කෙරේ)
- ගාමිණී ජයසූරිය පාලි ත්‍යාගය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අමාත්‍ය සහ විද්‍යාධාර සභාවේ ගරු ජ්‍යෙෂ්ඨ සභාපතිව සිටි ගාමිණී ජයසූරිය මැතිතුමා විසින් පාලි භාෂාව සුරක්ෂිතව පෝෂණය කිරීමේ අරමුණින් පිහිටුවන ලද ‘ගාමිණී ජයසූරිය පාලි භාරකාර අරමුදල’ මගින් වාර්ෂිකව රුපියල් 5000/- ක් විද්‍යාධාර සභාවට ලැබෙන පරිදි 2000. 04. 29 දින පිහිටුවා ඇති මෙම ත්‍යාගය විද්‍යොදය පිරිවෙණේ වාර්ෂික පාඨ පරීක්ෂණයේ චතුර්ථ, ප්‍රාරම්භ, මධ්‍ය, අවසාන ප්‍රථමාංශය, අවසාන ද්විතීයාංශය යන පන්තිවල පාලි විෂයෙන් උපරිම ලකුණු ලබන ශිෂ්‍යයන්ට ප්‍රදානය කරනු ලැබේ.
- අගලියේ චන්දජෝති ස්වාමීන්ද්‍ර අනුස්මරණ ත්‍යාගය
විද්‍යොදය පිරිවෙණේ වැඩ සිට අපවත් වී වදාළ ගෞරවාර්හ අගලියේ චන්දජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිහිවීම පිණිස 2001. 01. 01 දින ආචාර්ය ගෞරවාර්හ අකුරටියේ නන්ද නාහිමියන් විසින් පිහිටුවා ඇත. මෙම ත්‍යාගය විද්‍යොදය පිරිවෙණේ ‘වත්තසම්පන්නතම නේවාසික ශිෂ්‍යයාට’ පිරිනැමේ.
- ෂීල්ඩ් ඉංග්‍රීසි ශිෂ්‍යත්වය
කොළඹ 10, මාලිගාකන්ද පාරේ ෂීල්ඩ් පුද්ගලික වෛද්‍ය ආයතනයේ චන්දිම එදිරිසිංහ මහතා සහ සංජීව කරුණාරත්න මහතා විසින් විද්‍යොදය පිරිවෙණේ පාඨ පරීක්ෂණයේ දී සෑම පංතියක ම ඉංග්‍රීසි භාෂාව සඳහා වැඩි ම ලකුණු ලබන ශිෂ්‍යයන් දහ දෙනෙකුට රුපියල් 1000/- බැගින් වාර්ෂිකව රුපියල් 10,000/- පිරිනැමීම සඳහා 2007. 12. 28 දින මෙම ශිෂ්‍යත්වය පිහිටුවන ලදී. (දැනට අක්‍රිය වී පවතී)
