AWards
ස්‍යාමරාජ ත්‍යාගය දිනාගත් දීප්තිමත් ආදිශිෂ්‍යයෝ
ශ්‍යාමරාජ ත්‍යාගය යනු ථායිලන්තයේ (සියම් රටේ) චූළාලංකාර මහ රජතුමා විසින් 1885 වර්ෂයේ දී පිහිටුවන ලද ත්‍යාගයකි. එය හිමිවන්නේ විද්‍යොදය පිරිවෙණේ අවසාන පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබා ගන්නා ශිෂ්‍යයාට ය. එම ත්‍යාගය දිනා ගන්නා ශිෂ්‍යයා චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය ලැබූ කල්හි මෙන් එයින් ප්‍රීති වෙයි.
ස්වයං ලිඛිත චරිතාපදානය - විද්‍යොදය පිරිවෙණේ සයවන පරිවෙණාධිපති කලුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාසේඛර මහනාහිමි
මිනුවන්ගොඩ රතනජෝති හිමි (1886)
තෙල්වත්තේ සීලානන්ද හිමි (1887)
පැදින්නෝරුවේ සෝභිත හිමි (1888)
මල්මඩුවේ සරණංකර හිමි (1889)
යාලේගම සිද්ධත්ථ හිමි (1890)
මුල්ලේරියාවේ විපුලසාර හිමි (1891)
රඹුක්පොත පඤ්ඤාසාර හිමි (1892)
බෙන්තර සරණංකර හිමි (1893)
ආඳාවල සාරානන්ද හිමි (1894)
දික්වැල්ලේ භාරද්වාජ හිමි (1895)
බිහල්පොළ දේවරක්ඛිත හිමි (1896)
හිත්තැටියේ සුමනතිස්ස හිමි (1897)
පල්ලේගම රතනපාල හිමි (1898)
යටලවත්තේ වනරතන හිමි (1899)
පැලෑනේ වජිරඤාණ හිමි (1900)
පොතුවිල සරණතිස්ස හිමි (1901)
ඇටම්පොළ රතනපාල හිමි (1902)
ඉහළවෙල ධම්මරක්ඛිත හිමි (1903)
පන්නල පියරතන හිමි (1904)
අතුරුවැල්ලේ සුමතිපාල හිමි (1905)
ජඹුරලියේ පඤ්ඤානන්ද හිමි (1906)
ඇවරියවත්තේ ජිනරතන හිමි (1907)
අරුග්ගොඩ ධම්මරක්ඛිත හිමි (1908)
යාලේගම සරණපාල හිමි (1909)
මාපලගම චන්දජෝති හිමි (1910)
රඹුක්වැල්ලේ සිද්ධත්ථ හිමි (1911)
කොත්මලේ ධම්මානන්ද හිමි (1912)
මාබෝපිටියේ මේධංකර හිමි (1913)
කෙහෙල්වතුගොඩ රතනජෝති හිමි (1914)
මිහිරිපැන්නේ සාසනතිලක හිමි (1915)
රත්ගම ධීරාලංකාර හිමි (1916)
කුකුල්නාපේ දේවරක්ඛිත හිමි (1917)
View more
භාතියල්වල චන්දානන්ද හිමි (1917)
මොරොන්තුඩුවේ ධම්මානන්ද හිමි (1918)
මීගම ජිනරතන හිමි (1919)
හෑගොඩ නන්දසාර හිමි (1920)
කළුකොඳයාවේ පඤ්ඤාසේඛර හිමි (1921)
උහන්ඔිවිට සිරිසුමන හිමි (1922)
වැලිවිටියේ පේමරතන හිමි (1923)
දෙහිගස්පේ පඤ්ඤාසාර හිමි (1924)
පලන්නෝරුවේ විමලධම්ම හිමි (1925)
දන්ගල්ලේ ධම්මරතන හිමි (1926)
අම්බලන්ගොඩ ධම්මකුසල හිමි (1927)
නාලපහ පුඤ්ඤානන්ද හිමි (1928)
රූපහ සද්ධානන්ද හිමි (1929)
කඩවැද්දුව සිරිනිවාස හිමි (1930)
වේරහැර ධම්මදස්සි හිමි (1931)
පරවාහැර සද්ධාජීව හිමි (1932)
අමුණුගම විපස්සි හිමි (1933)
කිතුලම්පිටියේ හේමාලෝක හිමි (1934)
හාන්දුපැල්පොළ පුඤ්ඤරතන හිමි (1935)
රද්දැල්ලේ පඤ්ඤාලෝක හිමි (1936)
කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණේ වසර 30 කට අධික කාලයක් ආචාර්ය ධුරයක් ක් හා පසුව උපප්‍රධානාචාර්ය ධුරයක් උසුලා ඇති මුන්වහන්සේ ශිෂ්‍ය පර්ෂදයේ චිත්තාරාධනය කළ කීර්තිමත් ගුරු උතුමෙක් වූහ.
ප්‍රාචීන ප්‍රාරම්භ හා මධ්‍යම පරීක්ෂණවලින් ද ලංකාවෙන් ම ප්‍රථමයා ලෙස සමත් වී පසුව ප්‍රාචීන අවසාන විභාගය ද 1940 වසරේ දී ත්‍යාග සහිත ව සමත්වී ඇත. එවක විද්‍යොදය පරිවෙණාධිපති ධුරය දැරූ බද්දේගම ශ්‍රී පියරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආරාධනයෙන් 1942 වසරේ දී මාස කීපයක් බුලත්කොහුපිටිය ශ්‍රී නාගබෝධි විහාරයේ පිහිට වූ විද්‍යොදය ශාඛාවේ ඉගැන්වීම් ද කොට ඇත. පසුව තවදුරටත් ශාස්ත්‍රෝද්ග්‍රහණයෙහි ප්‍රෝත්සාහී වූ මුන්වහන්සේ ‘යුනිවසිටි ඔෆ් කොලේජ්’ (මෙකල කොළඹ විශ්වවිද්‍යාලය වී ඇත්තේ මෙයයි) වෙත ඇතුළත් වී වසර 03කින් පරිමිත ‘විද්‍යාවිශාරද’ උපාධිය හදාරා ඇත. එකල එම පාඨමාලාව භික්ෂූන් වහන්සේලා උදෙසා ම සකස් කොට ඇත්තේ මහචාර්ය ගුණපාල මලලසේකර සූරීන් විසිනි. රද්දැල්ලේ තරුණ පඬි හිමියන් සමග එකල එම පඨාමාලාව හැදෑරූවෝ අතර මිරිස්සේ ගුණසිරි, ඉඳුරුවේ උත්තරානන්ද, මඩිහේ පඤ්ඤාසීහ, මොරටුවේ සාසනරතන, හාල්යායේ සුමනතිස්ස වැනි පසුකලෙක සඟසසුන සෝභාමත් මහා යතිවරු ද වූහ. විද්‍යාවිශාරද උපාධිය සමත් වීමෙන් පසු ඉංග්‍රීසි භාෂා අධ්‍යයනය කෙරෙහි සිත යොමු කොට ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ජී.සී.ඊ. විභාගවලට ද පෙනී සිට ඇත.
අතිපූජ්‍ය බද්දේගම පියරතන නාහිමි එවක වයෝවෘද්ධව සිටි හෙයින් වැඩ බලන පරිවෙණාධිපති ධුරය හෙබවූ අතිපූජ්‍ය වැලිවිටියේ සෝරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආරාධනයෙන් 1945 වර්ෂයේ දී නේවාසික ආචාර්යවරයෙක් ලෙස විද්‍යොදය පිරිවෙණේ ගුරු සේවයට ඇතුළත් ව වසර 30 කට අධික කාලයක් නොකැලල් විශිෂ්ඨ සේවයක් පිරිවෙණේ අභ්‍යුදය වෙනුවෙන් සිදු කොට ඇත. ශිෂ්‍යයන් අතර ඉතා ජනප්‍රිය ගුරුවරයෙක් වූ මුන්වහන්සේ ඉගැන්වීම ම විනෝදාංශය කරගෙන නොමසුරුව ශිෂ්‍යයන් වෙත ශාස්ත්‍ර දානය ලබාදුන්හ. රද්දැල්ලේ නාහිමි ඉගැන්වීම කාර්යයට අමතරව විභාගාධිකාරී හා අධ්‍යාපනාධිකාරී ලෙස තවත් විශේෂ භාරදූර රාජකාරි දෙකක් ද පිරිවෙණේ අභ්‍යුදය වෙනුවෙන් ඉටු කළහ.
1959 වර්ෂයේ දී පිරිවෙණට විශ්වවිද්‍යාල තත්වය ප්‍රදානය කිරීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශයේ තත්කාලීන බලධාරීන් විද්‍යොදය පිරිවෙණ පිරිවෙන් නාම ලේඛනයෙන් ඉවත් කොට ලිපි ගොනු වසා දමා වාර්ෂික ආධාර නතර කරණු ලැබිණි. මේ නිසා එවක පිරිවෙණේ අධ්‍යාපන කාර්යයන්ට ඇති බූ බාධක දුරු කොට නැවතත් පෙර තිබූ සියලු වරප්‍රසාදයන් ලබා ගැනීම සඳහා එවක පරිවෙණාධිපති ධුරය දැරූ කළුකොඳයාවේ ප්‍රඥාසේඛර මහනාහිමියන් පෙරටු කොට ගෙන හඬනඟා ඇත්තේ ද මුන්වහන්සේ ය. මේ කාලයේ දී විද්‍යොදය පිරිවෙණ පරිශ්‍රයේ විශ්වවිද්‍යාලය තිබූ හෙයින් පිරිවෙණේ පංති කොළඹ නාලන්දා විද්‍යාලයේ සවස් වරුවේ සිදු කොට ඇත.
විද්‍යොදය විශ්වවිද්‍යාලය සමාරම්භක කාලයේ දී ප්‍රාකෘත විෂය පිළිබඳ බාහිර කථිකාචාර්ය ධුරයක ද කටයුතු කොට ඇති මුන්වහන්සේ විද්‍යොදය විශ්වවිද්‍යාලය ආරම්භ කළ පළමුවන පශ්චාත් උපාධි පාඨමාලාවට ඇතුළත් ව 1963 වර්ෂයේ දී ශාස්ත්‍රපති විභාගයට පෙනී සිට එතෙක් විශ්වවිද්‍යාලයෙන් පිරිනැමුණු විශිෂ්ඨ සාමාර්ථය ලබමින් ශාස්ත්‍රපති උපාධිය ද හිමිකර ගෙන ඇත. ඒ සඳහා ඉදිරිපත් කළ නිබන්ධය වනුයේ ‘බුද්ධකාලීන බ්‍රාහ්මණ සමාජය හා බ්‍රාහ්මණ ධර්ම’ යන්න යි. විද්‍යොදය පිරිවෙණ වෙනුවෙන් සිදු කළ සේවය හේතුවෙන් උන්වහන්සේ වෙත උපප්‍රධානාචාර්ය ධුරය ද පිරිනමා ඇත.
උන්වහන්සේ දැරූ තනතුරු හා වගකීම් අතර සමස්ත ලංකා සාහිත්‍ය සංගමයේ සාමාජිකත්වය, සාහිත්‍යොදය සඟරා සංස්කාරක ධුරය, ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලයේ සාමාජික ධුරය, පාලි අනුකාරක සභාවේ සභාපති ධුරය, මහාවංශ සම්පාදක මණ්ඩලයේ සාමාජිකත්වය, ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ උපසභාපතිත්වය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මණ්ඩලයේ සාමාජිකත්වය, බුද්ධජයන්ති ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සාමාජිකත්වය, බෞද්ධ උපදේශක මණ්ඩලයේ සාමාජිකත්වය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අනුශාසක ආදිය කිහිපයකි.
1980 වර්ෂයේ දී අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්මපීඨ භික්ෂු විශ්වවිද්‍යාලයේ අධිපති ධුරයට පත්වීම උන්වහන්සේ ලැබූ මහත් වූ භාග්‍ය සම්පත්තියක් වන අතර ඒ සඳහා සුදුසු බවට යෝජනා සම්මත කොට ඇත්තේ සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි උභය පාර්ශ්වීය මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසිනි. ඒ අනුව එම ධර්මපීඨයේ අභ්‍යුදය වෙනුවෙන් වසර කීපයක් සේවය කිරීමට උන්වහන්සේට අවස්ථාව උදාවුණි. 1984 වසරේ දී රද්දැල්ලේ ශ්‍රී ප්‍රඥාලෝක අනුනාහිමියන්ට පන්සැත්තෑ විය සපිරුණු අවස්ථාවේ දී අස්ගිරි විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක පලිපාන ශ්‍රී චන්දානන්ද මහනායක ස්වාමීන්ද්‍ර විංශද්වර්ගික කාරක මහා සංඝසභාව මගින් ‘ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය’ උපාධිය ද පිරිනමා ඇත.
කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සමාග්‍රිධර්ම මහා සංඝසභාවේ 1958 වර්ෂයේ සිට ලේඛකාධිකාරී ධුරය හෙබවූ රද්දැල්ලේ නාහිමියෝ පසුව තත් සංඝසභාවේ අනුනායක ධුරයකට ද පත්ව දිගු කලක් සංඝසභාවේ දියුණුවට ද කටයුතු කරමින් ලෝකාගමික හා අධ්‍යාපනික වශයෙන් සුවිශාල සේවයක් කොට 1994 ජනවාරි මස 20 වැනි දින අපවත් වී වදාළහ.
වැලිවිටියේ ගුණරතන හිමි (1937)
හාල්යායේ සුමනතිස්ස හිමි (1938)
පරදූව පදුමජෝති හිමි (1939)
අකුරටියේ අමරවංස හිමි (1940)
කොටගම වාචිස්සර හිමි (1941)
විද්‍යොදය පිරිවෙණේ වර්ග පටිපාටියෙන් සමත් ව ස්‍යාමරාජ ත්‍යාගයෙන් උත්තීර්ණ වීමෙන් අනතුරුව ප්‍රාචීන පණ්ඩිතෝපාධිය සමත් වීමෙන් පසුව එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති උපාධි සමත් වූ උන්වහන්සේ පසුව එම විශ්වවිද්‍යාලයෙන් සරණංකර සංඝරාජයන් වහන්සේගේ ජීවන තොරතුරු හා තත්කාලීන සමාජය පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කොට දර්ශනවිශාරද උපාධිය ද සමත් වූහ.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස වසර කීපයක් සේවය කොට පසුව විද්‍යොදය විශ්වවිද්‍යාලයේ (ශ්‍රී ජයවර්ධනපුර) කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට එක් වූ කොටගම වාචිස්සර හිමිපාණෝ පසුව එම විශ්වවිද්‍යාලයේ බුද්ධධර්ම පීඨයේ පීඨාධිපති තනතුර ද හොබවමින් සිටින අතරතුර දී හදිසියේ අපවත් වී වදාළහ. අපවත් වන විට විට 51 වන වියේ පසු වූ උන්වහන්සේ තත් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධුරයක් ද හෙබවූහ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වූ බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදකවරයෙකු ලෙස ද ක්‍රියා කළ උන්වහන්සේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝසභාවේ කර්මවාගාචාර්ය ධුරයක් ද දැරූහ. දර්ශනවිශාරද උපාධිය සඳහා සම්පාදිත පර්යේෂණ නිබන්ධිකාව ආශ්‍රයෙන් උන්වහන්සේ ලියා පළ කරන ලද ‘සරණංකර සංඝරාජ සමය’ කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මානයට ද පාත්‍ර වූ අතර එම යුගය සම්බන්ධයෙන් මෙතෙක් සම්පාදිත විශිෂ්ඨ කෘතියක් වේ. පාසල් දරුවන් සඳහා ‘බුදුදහම’ නමින් ග්‍රන්ථ පෙළක් ද ලියා පළ කොට ඇති අතර ඒ ග්‍රන්ථමාලාව එකල්හි බෙහෙවින් ජනප්‍රිය ග්‍රන්ථ විය. ව්‍යක්ත ධර්මදේශකයාණන් වහන්සේ නමක් ද වූ මුන්වහන්සේ ලංකාව පුරා වැඩමවමින් ධර්ම දේශනා සිදු කොට ඇත. වාමාංශික දේශපාලන කඳවුර කෙරෙහි ද විශ්වාස තැබූ උන්වහන්සේ ඒ වෙනුවෙන් ද පෙනී සිටියහ. පාමංකඩ ශ්‍රී මහා විහාරය මුන්වහන්සේගේ පැවිදි බිම වේ.
මෝදරවානේ විපුලතිස්ස හිමි (1942)
කොත්මලේ අමරවංස හිමි (1944)
කහටපිටියේ දේවරක්ඛිත හිමි (1945)
දඩගමුවේ අනෝමදස්සි හිමි (1946)
නාදුගල චන්දවිමල හිමි (1947)
දියගම චන්දරතන හිමි (1948)
බලගල්ලේ විමලබුද්ධි හිමි (1949)
බොස්සැල්ලේ වජිරඤාණ හිමි (1950)
බඹරදෙණියේ මේධංකර හිමි (1951)
විජේරියේ චන්දානන්ද හිමි (1952)
අඹන්වැල්ලේ පඤ්ඤාසේඛර හිමි (1953)
දිගුකලක් කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණේ ආචාර්යවරයෙකු ලෙස සේවය කළ මුන්වහන්සේ පසුව කොළඹ ආනන්ද විද්‍යාලයේ ද ආචාර්යවරයෙක් ලෙස සේවය කොට ඇත. ස්‍යාමෝපාලිවංශික මහනිකායේ මල්වතු පාර්ශ්වයේ උතුම් අනුනායක පදවිය ද හෙබ වූ උන්වහන්සේ දහස් ගණන් ගිහි පැවිදි ශිෂ්‍ය සංඛ්‍යාවක් බිහිකිරීමෙහි ලා පුරෝගාමී වූ ප්‍රමුඛ ආචාර්යවරයෙකි.
වැයිහේනේ පඤ්ඤාලෝක හිමි (1954)
කලක් විද්‍යොදය පිරිවෙණේ ආචාර්යවරයෙක් ලෙස සේවය කොට පසුව රජයේ පාසල් ගුරු වෘත්තියට එක් වූ උන්වහන්සේ ලංකාවේ විවිධ දුෂ්කර පළාත් කීපයක ආචාර්යවරයෙක් ලෙස සේවය කොට ඇත. පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ ධර්මප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වූ උන්වහන්සේ අපවත් වූයේ ද ඇමෙරිකා එක්සත් ජනපදයේ දී ය.
දවුල්දෙණ ඤාණිස්සර හිමි (1943)
ස්‍යාමරාජ ත්‍යාගය දිනාගැනීමෙන් පසු දිගු කලක් විද්‍යොදය පිරිවෙණේ ආචාර්යවරයෙකු ලෙස ද සේවය කොට ඇත. සංස්කෘත භාෂාව මාධ්‍යය කරගෙන ස්වතන්ත්‍ර පද්‍ය නිර්මාණ රාශියක් සිදු කොට ඇති උන්වහන්සේ සංස්කෘත භාෂාව පිළිබඳ අග්‍රගන්‍ය පඬිවරයෙකු වේ. ‘යතිදූතම්’, ‘ධර්මචින්තා’, ‘වෛරාග්‍ය චින්තා’, ‘මාරංගනාවිජයම්’, ‘ආශිඃ පුෂ්පමඤ්ජරී’, ‘ශ්වානස්තව කාව්‍යම්’, ‘හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්වාමීන්ද්‍ර ගුණානුස්මෘතිඃ’ වැනි සංස්කෘත පද්‍ය බන්ධන කාව්‍ය රාශියක් රචනා කොට ඇති අතර ඒ වෙනුවෙන් ජනාධිපති සම්මාන, සංස්කෘතචක්‍රවර්ති උපාධිය, දෛවීභාෂාවිශාරද, ග්‍රන්ථවිශාරද උපාධි ආදි සම්මාන රැසක් ද දිනා ඇත. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ සභාපති ධුරය ද හෙබ වූ උන්වහන්සේ උඩරට අමරපුර නිකායේ මහනායක පදවිය සේ ම අමරමපුර මහා නිකායේ උත්තරීතර මහනායක පදවිය ද හෙබවූහ. වසර 101 ක් ආයු වළඳා දින අපවත් වී වදාළහ
පහළනෙත්තිපොළ විමලජෝති හිමි (1955)
මොරපේ ධම්මවංස හිමි (1956)
මැදගම්පල සුමනරතන හිමි (1957)
රත්මලේ ආනන්ද හිමි (1958)
ලුණුගම රාහුල හිමි (1966)
පිටදූව ධම්මික හිමි (1967)
මුරුංගස්යායේ ඤාණිස්සර හිමි (1968)
වසර කීපයක් විද්‍යොදය පිරිවෙණේ ආචාර්යවරයෙකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව විදේශ ධර්මප්‍රචාරක කටයුතු කෙරෙහි ප්‍රෝත්සාහී වූ මුන්වහන්සේ ප්‍රංශය බලා වැඩම කළහ. එහි ආචාර්ය ගරු පරවාහැර චන්දරතනාභිධාන ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යටතේ කාලයක් ශික්ෂණය ලබා අනතුරුව එරට ජනතාවගේ චිත්තප්‍රසාදය දිනාගෙන ‘ජේතවන විහාරය’ නමින් ප්‍රංශයේ ලාංකීය බෞද්ධ විහාරයක් ද ඉඳිකළහ. ස්‍යාමෝපාලිවංශික මහනිකායේ මල්වතු පාර්ශ්වයේ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය ද හෙබ වූහ.
ලංකාවේ වෙසෙන අහිංසක දුප්පත් දූ දරුවන්ගේ නැණැස පෑදීම වෙනුවෙන් ශිෂ්‍යාධාර ක්‍රමයක් ක්‍රියාත්මක
එමගින් කෝටි ගණනක ආධාර මුදල් ලංකාවේ දුප්පත් දූ දරුවන්ට ලබාදුන්හ. ඊට අමතරව රෝහල් වාට්ටු ඇතුළු ජනතා සහනසීලී වැඩ රාශියක් ද ඉටු කොට ඇත. විද්‍යොදය පිරිවෙණේ ක්‍රියාකාරී ආදිශිෂ්‍යයන් වහන්සේ නමක් වූ ඤාණිස්සර නාහිමියෝ පිරිවෙණේ දියුණුව වෙනුවෙන් වටිනා ත්‍යාග හා ශිෂ්‍යත්ව ද පිහිටුවා ඇත.
අපවත්වීම - 2021. 11. 05
පත්බේරියේ විමලඤාණ හිමි (1969)
කලක් විද්‍යොදය පිරිවෙණේ ආචාර්යවරයෙක් ලෙස සේවය කොට පසුව රජයේ පාරාජකීය පණ්ඩිත හා ශාස්ත්‍රපති උපාධි ලැබ හොරණ විද්‍යාරත්න පිරිවෙණ, ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙණ ඇතුළු විද්‍යොදය පිරිවෙණින් ම ප්‍රභාවිත දිවයිනේ දීප්තිමත් පිරිවෙන් කීපයක දීප්තිමත් ආචාර්යවරයෙකු ලෙස සේවය කළ උන්වහන්සේ පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාවට අනුබද්ධ වී පිරිවෙන් පරීක්ෂක තනතුරක් දැරූහ. පසුව නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) දක්වා උසස්වීම් ලැබ විශුාම ලබා ඇත.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝසභාවේ ප්‍රධාන තනතුරු රාශියක් හොබවන උන්වහන්සේ එම සංඝසභාවේ කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවිය ද හොබවති. ධර්මග්‍රන්ථ කීපයක් රචනා කොට ඇති උන්වහන්සේ කලක් අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්මපීඨයේ කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කොට ඇත.
සල් ගුරු වෘත්තියට එක් වූ උන්වහන්සේ ලංකාවේ විවිධ දුෂ්කර පළාත් කීපයක ආචාර්යවරයෙක් ලෙස සේවය කොට ඇත. පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ ධර්මප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වූ උන්වහන්සේ අපවත් වූයේ ද ඇමෙරිකා එක්සත් ජනපදයේ දී ය.
සේදවත්තේ පඤ්ඤාවංස හිමි (1970)
රාජකීය පණ්ඩිත හා ශාස්ත්‍රපති උපාධි ලැබ කැස්බෑව නන්දන පිරිවෙන, ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙණ ආදි දීප්තිමත් පිරිවෙන් කීපයක පාලි භාෂාව පිළිබඳ ප්‍රවීණාචාර්යවරයෙකු ලෙස සේවය කොට ඇත. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මානව සම්පත්ධාරියෙකු ලෙස සුවිසල් සේවයක් කොට ඇති උන්වහන්සේ මේ වන විට විශ්‍රාම සුවයෙන් පසුවේ.
කඩිහාරේ සෝමානන්ද හිමි (1971)
බෙලිගල්ලේ සෝභිත හිමි (1972)
ජූලම්පිටියේ ඤාණරතන හිමි (1973)
හිරිගොල්ලේ ඤාණරතන හිමි (1974)
ලියන්ගහවෙල විපුලසාර හිමි (1975)
වෑගම පියරතන හිමි (1976) (සේවාර්ජිත මහාචාර්ය)
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, දර්ශනපති, දර්ශනවිශාරද ආදි උපාධි රාශියක් ලබා ඇති මුන්වහන්සේ විද්‍යොදය පිරිවෙණේ දිගු කලක් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙකු ලෙස සේවය කොට ඇත. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සමාරම්භක අවධියේ ම එහි කථිකාචාර්යවරයෙක් ලෙස අධ්‍යාපන සේවයට එක් වූ උන්වහන්සේ පසුව එහි ඉහළ ම තනතුර වූ මහෝපාධ්‍යාය (උපකුලපති) පදවිය දක්වා උත්තීර්ණ වී මේ වන විට ඉසිඹු ලැබ විවේක සුවයෙන් පසුවෙති.
විද්‍යොදය ආදිශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් පදවියේ දිගු කලක් සේවය කොට ඇති උන්වහන්සේ ඒ කාලය තුළ පිරිවෙණේ අභ්‍යුදය වෙනුවෙන් සිදු කොට ඇති සේවය ඉතා විශාල ය. මුදුණය දුලබ වී පැවැති පැරැණි ග්‍රන්ථ ගණනාවක් සංස්කරණය කරමින් ද, අලුතින් විවිධ මාතෘකාගතව ග්‍රන්ථ ගණනාවක් රචනා කරමින් ද ශාස්ත්‍රීය ලෝකයට ග්‍රන්ථ ගණනාවක් දායාද කොට ඇත. විවිධ ක්‍රමෝපායන් ආශ්‍රයෙන් ආදිශිෂ්‍ය සංගමයේ කීර්තිය ද අරමුදල ද තහවුරු කොට එමගින් විද්‍යොදය පිරිවෙණේ වර්ග හා පරීක්ෂණ පංතිවල ඉහළ සාමාර්ථයන් ලබා ගන්නා ශිෂ්‍යයන්ට ත්‍යාග හා ශිෂ්‍යත්ව දිනා ගැනීමේ අවස්ථා සුලබ කරවීමෙහි නියමුවාණෝ මුන්වහන්සේ ය. ‘විද්‍යොදය ධර්මශාස්ත්‍රීය සංග්‍රහය’ සඟරාවෙහි සංස්කාරකවරයා ලෙස දිගුකලක් කටයුතු කළ උන්වහන්සේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කොට ඇත. සියම් මහානිකායේ මල්වතු පාර්ශ්වයේ සත්කෝරළ මහදිසාවේ ද්විතීය සංඝනායක පදවිය ද හොබවනුයේ වෑගම පියරතන නාහිමිපාණෝ ය.
සංස්කරණය කරන ලද හා සම්පාදිත කෘති
සන්න සහිත සුත්තනිපාතය (අට්ඨක වග්ගය)
සන්න සහිත සුත්තනිපාතය (පාරායණ වග්ගය)
සන්න සහිත අංගුත්තරනිකාය (ඒකක නිපාතය)
සන්න සහිත කච්චායන ව්‍යාකරණය
සන්න සහිත බාලාවතාරය (නාම)
සන්න සහිත සාරස්වත ව්‍යාකරණය 1, 2, 3, 4 කාණ්ඩ
රූපසිද්ධිය 1, 2 භාග
පාලි මහාබෝධිවංසය
අභිධානප්පදීපිකා (ද්විතීය භාගය)
සන්න සහිත දාඨාවංසය
පාලි වරනැගිල්ල
සංස්කෘත වරනැගිල්ල
සහස්සවත්ථුප්පකරණය
සන්න සහිත සමන්තකූටවණ්ණනා
සන්න සහිත පිරුවානා පොත් වහන්සේ
සෞන්දර්යය පිළිබඳ බෞද්ධ ආකල්පය
පාලි අට්ඨකථාවන්හි පිළිබිඹු වන ව්‍යාකරණ සම්ප්‍රදාය
පාලි භාෂාව - ෙඑතිහාසික අධ්‍යයනය
ගංකේවෙල ඤණානන්ද හිමි (1977)
ඉහගම ධම්මවංස හිමි (1978)
අමන්දොළුවේ ධම්මරතන හිමි (1981)
කණුගල පඤ්ඤාලංකාර හිමි (1982)
නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි (1983) (විඥාපක මහාචාර්ය)
දිගුකලක් විද්‍යොදය පිරිවෙණේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙකු ලෙස සේවය කොට ඇති මුන්වහන්සේ ප්‍රාචීන පණ්ඩිතෝපාධිය, ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, දර්ශනවිශාරද ආදි උපාධි ගණනාවක් ම ඉතා ඉහළින් සාමාර්ථ්‍යය ලැබ ඇත. ජෛන පිටක සාහිත්‍ය ආශ්‍රයෙන් ප්‍රාකෘත භාෂාව පිළිබඳව පර්යේෂණ කොට ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇත. ප්‍රාකෘත භාෂාව පිළිබඳව දර්ශනවිශාරද උපාධි අධ්‍යයනයක් කළ ලංකාවේ පළමු පඬිවරයා ලෙස ඉතිහාසය ගත වන උන්වහන්සේ දැනට ඒ සම්බන්ධයෙන් ග්‍රන්ථ ගණනාවක් ම රචනා කොට ඇත. ‘ගාථාශප්තසති’, ‘උත්තරාධ්‍යයන’ වැනි ප්‍රාකෘත ග්‍රන්ථ සඳහා සන්න ද සම්පාදනය කොට ඇත.
දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා
බෞද්ධ අධ්‍යයනාංශයේ පාලි භාෂාව පිළිබඳව විඥාපක මහාචාර්ය ධුරය දරණ උන්වහන්සේ කලක්
එහි අංශාධිපති ලෙස ද කටයුතු සිදු කළහ. එම කාලය තුළ දී අධ්‍යයනාංශයේ සීඝ්‍ර
සංවර්ධනයක් ඇති කළහ. වසර දෙකකට වැඩි කාලයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාවේ
අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ කළ උන්වහන්සේ ඒ කාලය තුළ දී පිරිවෙන් ක්ෂේත්‍රයේ ප්‍රගමනය
වෙනුවෙන් ද අතිවිශිෂ්ඨ කාර්යභාරයක් ද ඉටු කළහ. පාලි භාෂාව හා බෞද්ධ අධ්‍යයනය
සම්බන්ධයෙන් ප්‍රාමාණික වියතෙක් වන ඤාණරතන මාහිමියෝ ජාතික හා අන්තර්ජාතික මට්ටමේ
සම්මන්ත්‍රණ සඳහා ද මඟපෙන්වීම් හා සහභාගීත්වයන් දක්වා ඇත.
නෙලුවේ සුමනවංස හිමි (1984) (ජ්‍යෙෂ්ඨ මහාචාර්ය)
කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණේ දිගු කලක් ආචාර්වරයෙක් ලෙස සේවය කළ උන්වහන්සේ සංස්කෘත භාෂාව පිළිබඳව ප්‍රවීණ ගත්කතුවරයෙක් මෙන් ම දීප්තිමත් ගුරුවරයෙක් ද වේ. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ආධුනික කථිකාචාර්යවරයෙක් ලෙස විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුළත්වූ උන්වහන්සේ මේ වන විට එම විශ්වවිද්‍යාලයේ ඉහළ ම තනතුර වන මහෝපාධ්‍යාය (උපකුලපති) පදවිය වසර කීපයක සිට හොබවති.
විද්‍යොදය පිරිවෙණේ ආදිශිෂ්‍ය සංගමයේ වර්තමාන ලේකම් පදවිය ද හොබවනුයේ නෙලුවේ සුමනවංස හිමිපාණෝ ය. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝසභාවේ බෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක පදවිය, උපාධ්‍යාය පදවිය, නියෝජ්‍ය ලේඛකාධිකාරී පදවිය වැනි භාරධූර වගකීම් රාශියක් දරණ උන්වහන්සේ දර්ශනවිශාරද, ශාස්ත්‍රපති, ශාස්ත්‍රවේදී, ප්‍රාචීන පණ්ඩිතෝපාධිය ඇතුළු උපාධි ගණනාවක් ම දිනා ඇත. 1997 වර්ෂයේ දී ‘කඨෝපනිෂදයේ එන සාංඛ්‍ය දර්ශනය හා බෞද්ධ දර්ශනය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්’ යන මැයෙන් ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධිකාව වෙනුවෙන් දර්ශනනපති උපාධිය ද තදනන්තරව ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයට ඇතුළත්ව Reality in Buddhist Philosophy; A comparative Study of Definitions in Theravada and Mahayana˜ යන මැයෙන් සිදුකළ ශාස්ත්‍රීය පර්යේෂණය වෙනුවෙන් 2005 දී දර්ශනවිශාරද උපාධිය ද ලබා ගෙන ඇත.